ඊයේ හමුවු කොරෝනා ආසාදිතයින්ගෙන් 15 ක් නාවික සෙබළුන්

Share

ඊයේ (05) දිනය තුළ කොවිඩ් නයින්ටීන් අසාදිතයින් 20 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 15 දෙනෙකු නාවික හමුදා සෙබලුන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඊයේ හදුනාගත් ආසාදියින් සමඟ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 771 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබු මුළු සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගොස්  ඇති බව වසංගත රෝග විද්‍යා අංශ සදහන් කළේය.

මේ වන විට ආසාදිතයින් 549 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

කොව්ඩ් නයන්ටීන් වෛරසය ආසාදනය හේතුවෙන් සිදුවු 09 වන මරණය ද ඊයේ දිනයේ වාර්තා විය.

Read more

Local News