සිංගප්පූරුවේ රැඳී සිටින ශ්රී ලාංකික සිසුන් කණ්ඩායමක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
සිසුන් 180 ක කණ්ඩායමක් රැගෙන ඒම සඳහා ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 302 දරණ ගුවන් යානය අද උදෑසන 7.30 ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව සඳහන්.
කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් සිංගප්පූරුව වෙත යාමට නොහැකිව ශ්රී ලංකාව තුළ රැඳී සිටි සිංගප්පූරු ජාතිකයන් 10 දෙනෙකු පමණ මෙම ගුවන් යානය තුළ සිංගප්පූරුව බලා ගමන් කළ බව වාර්තා වේ.



