ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 4.5ක ආධාර මුදලක්

Share

කොරෝනා වෛරසයට එරෙහි සටනට සහය ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත ‍ඩොලර් මිලියන 4.5 කට අධික ආධාර මුදලක් ලබා දෙන බව කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

 

ඒත් සමඟ එක්සත් ජනපදය විසින් ලබා දුන් සමස්ත දායකත්වය ඩොලර් මිලියන 5.8 ක් බව ද නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී.ටෙප්ලිට්ස් මහත්මිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය සඳහා එක්සත් ජනපදය විසින් සහය ලබා දීමේ දීර්ඝ කාලීන සම්ප්‍රදාය මේ ආධාර තුළින් තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි.

සෞඛ්‍ය ආධාර වශයෙන් ශ්‍රි ලංකාවට ඩොලර් මිලියන 1.3 ක් ලබා දීම සම්බන්ධයෙන් අප්‍රේල් 9 වන දින අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කළ බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.

එම ආධාර මුදල් විද්‍යාගාර පද්ධති සුදානම් කිරීමටත්, සිද්ධි සොයා ගැනීම සඳහා සක්‍රිය කිරීමටත් හා සිදුවීම් පාදක අවේක්ෂණයටත් ප්‍රතිචාර හා පෙර සුදානම මෙන්ම තාක්ෂණික විශේෂයින්ට සහය ලබා දීමට උපකාරී වී ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

ඒ මත පදනම්ව මෙම නව ආධාර මුදල ලබා දෙනු ඇතැයිද තානාපති කාර්යාලය නිවේදනය කරයි.

කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වු තැන් පටන් අමෙරිකාව විසින් ගෝලීය වශයෙන් ඩොලර් මිලියන 775 කට අධික මුදලක් හදිසි අවස්ථා සඳහා ලබා දී ඇතැයි ද එම නිවේදනයේ දැක්වෙයි.

Read more

Local News