ප්‍රබල අකුණු හා තද වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

Share

ප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු , වයඹ හා ඌව පළාත්වලත් අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 කට වැඩි තරමක තද වැසි වර්ෂාපතනයන් ද ඇති වෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකියි

Read more

Local News