ඇෆ්ගනිස්ථානය තුළ නොමිලේ පාන් බෙදා දෙයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩාල වීම සහ ආහාර මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය තුළ විශාල පිරිසකට පාන් නොමිලේ බෙදා දීමර එරට රජය පියවර ගෙන තිබේ.

 

එහි පළමු අදියර ලෙස කාබුල් අගනුවර පවුල් 250,000කට නොමිලේ පාන් බෙදා දීමරට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එක් දිනකදී නාන් වර්ගයේ පාන් 10 ක් එක් පවුලකට හිමිවෙන බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයේ මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාධිතයින් 3224 ක් වාර්තා වන අතර වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 95 ක්.

Read more

Local News