නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු 8 දෙනාට ඇප

Share

ගිනිගත්හේන පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු අට දෙනා අද (06) දින රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැර තිබේ.

 

මෙම නඩුව යළිත් 2020.07.06 දින කැඳවීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්රො‍ස්කි මහතා නියෝග කර ඇත.

සැකකාර සභාපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ඉකුත් මස 30 දින ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක හෝටලයක නිරෝධාන රෙගුලාසි උල්ලංඝනය කරමින් මුදලට සුදු ක්‍රිඩාවේ යෙදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්විය.

හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වටවල, ගිනිගත්හේන පොලිස් ස්ථානවල නිලධාරින් විසින් වැටලිමක් සිදු කර තිබුණි.

සැකකරුවන් අධි සුඛෝපභෝගි ජිප් රථයක් සහ මොටර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ගිනිගත්හේන පොලිසිය බි 29860 වාර්තාව යටතේ සැකකරුවන් මේ මස 1 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු අට දෙනෙකු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර බන්ධනාගාර නිලධාරින් හරහා සැකකරුවන් මහනුවර ශික්ෂණ රෝහල වෙත ඉදිරිපත් කර පි.සි.ආර් පරික්ෂණයකට ලක් කර එහි වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙස හැටන් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

අද දින සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේ ගිනිගත්හේන පොලීසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයංක කරුණාදාස මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් අධි සුඛෝපභෝගි වාහන දෙක සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂන සිදු කරන නිසා සැකකරුවන් තවත් දින 14 රක්ෂිත බන්ධනාගාර ගත කර බන්ධනාගාර නිලධාරින් හරහා සැකකරුවන් නිරෝධාන මධ්‍යස්ථානයක් කරා යොමු කරන ලෙසයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයින් නිරෝධාන පනත උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවත්, සැකකරුවන් මුදලට සුදු ක්‍රීඩාවේ යෙදුණේ නොමැති බවත්, සැකකරුවන් කාඩ් සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එ අනුව සැකකරුවන් ඕනැම ඇප කොන්දේසියක් මුදා හරින ලෙසට සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිට ඇත.

දෙපාර්ශවයෙන්ම කරුණු සලකා බැලු හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්රොස්කි මහතා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ බන්ධනාගාර නිලධාරින් විසින් සැකකරුවන්ව පි.සි.ආර් පරික්ෂණයක් සදහා ඉදිරිපත් කර අද දින එහි වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත්, එම වාර්තාව අනුව සැකකරුවන්ට කොවිඩ් නයින්ටීන් වෛසරය අසාධනය වි නොමැති නිසා සැකකරුවන් යළිත් නිරෝධානයකට යොමු කිරිමට අවශ්‍ය නොවන බවයි.

Read more

Local News