රාජගිරිය, කොළොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන්ට හා හෙද නිලධාරිනියට කොරෝනා ආසාදනය වී නෑ

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(05) දිනයේ හඳුනා ගත් රාජගිරිය, කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී නොමැති බව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

 

අද(06) පස්වරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, අද දිනයේ වැලිසර හමුදා නාවික කඳවුරේ සෙබළුන් තිදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බවයි.

ඊයේ දිනයේ දී රාජගිරිය, කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබු නමුත් ඔවුන් තිදෙනා ඌන ආසාදිතයින් ලෙස අද වන විට තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

කෙසේ වෙතත් අවසන් වරට සිදුකළ පරීක්ෂණ අනුව මෙම පුද්ගලයින් තිදෙනාට ආසාදන තත්ත්වයක් නොමැති බව පසුව තහවුරු වී ඇති අතර මෙම තිදෙනාගේ නම් ආසාදිත ලේඛනයෙන් ඉවත් කළ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News