කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු සිදු කල PCR පරීක්‍ෂණ මඟින් වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු අද (07) රෝහලින් මුදා හැරීමට කටයුතු කර තිබේ.
මෙම නාවික පුද්ගලයින් දෙදෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල නාවිකයින් වන අතර, ඔවුන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනය වීම හේතුවන් ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහල වෙත ඇතුලත් කළ බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර වරින්වර සිදු කල PCR පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මේ අනුව මේ වන විට මෙම පුද්ගලයින් දෙදෙනාද ඇතුළුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 14 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.



