මීගමුව – පරණ හලාවත මාර්ගයේ ඇල පාර ප්රදේශයේදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.
එම නිලධාරියා ගමන් කළ යතුරුපැදිය අධික වර්ෂාව පවතින අවස්ථාවක දී මාර්ගයේ ලිස්සා යාමෙන් නිවසක තාප්පයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
මීගමුව පොලිස් ස්ථානයේ රථවාහන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියා සිය රාජකාරී කටයුතු අවසන් කර ආපසු පොලිස් ස්ථානයට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ 33 හැවිරිදි ගල්ගමුව, වරාවැව ප්රදේශයේ පදිංචි පොලිස් නිලධාරියෙක්.
අනතුර සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



