මෙවර ශ්‍රී පාද වන්දනා සමය අවසන්

Share

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (07) දින මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කල බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

 

මේ අනුව චාරිත්‍යානුකුලව ශ්‍රී පාද උඩ මළුවේ අද (08) දින උදැසන පැවැත් වු තේවාවන් සහ විශේෂ ආගමික වතාවන්වලින් අනතුරුව ශ්‍රී පාද උඩ මළුවේ වැඩම කර තිබු සාධාතුක කරව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථාන දක්වා ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් විසින් වැඩම කරවිම මේ වන ආරම්භ කර ඇත.

නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කරවන සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ විශේෂ රන්සිලි ගෙයක තැන්පත් කර බගවන්තලාව, බලංගොඩ මාර්ගය ඔස්සේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කර විශේෂ පුජාවන් ගණනාවක් එහි පවත්වා ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේය.

Read more

Local News