දඹුල්ල පූජා භූමි ප්රදේශයේ පන්සලේ වැවේ තිබී නාඳුනන සැක කටයුතු ලෙස මියගිය අයෙකුගේ මළ සිරුරක් අද(08) පෙරවරුවේ දඹුල්ල පොලීසිය සොයා ගෙන තිබේ.
දඹුල්ල පොලීසියට ලැබුණු දුරකථන ඇමතුමක් මත පරීක්ෂාකර බැලීමේ දී උඩුකය නිරුවත්ව වැවේ උඩුබැලි අතට පාවෙමින් තිබූ දින දෙකක් පමණ පරණ මළසිරුරක් මෙසේ සොයා ගත් බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇතැයි පොලීසිය කියයි.
මළ සිරුර ඇති ස්ථානයේ සිට මීටර් කිහිපයක් දුරින් මෙම පුද්ගලයාගේ බවට සැකකෙරෙන ටී සර්ට් එකක් කොට කලිසමක් සබන් පෙට්ටියක් දත් බුරුසුවක් සොයාගත් බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙද වූ බවත් මෙම මළ සිරුර සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද පොලීසිය සඳහන් කරයි.



