හෙට (09) හා අනිද්දා(10) දිනවලදි කොළඹ මැනිං වෙළඳපොල ව්‍යාපාරික කටයුතු සඳහා ආරම්භ නොකෙරෙන බව මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සමිතිය පවසයි.
වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ(07) සහ අද(08) යන දෙදින තුළ මැනිං වෙළඳපොළ වසා තැබීමට පියවර ගත් අතර පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ හෙට සහ අනිද්දා දිනවල ද මැනිං වෙළඳපොල විවෘත නොකෙරන බව ඔවුන් සඳහන් කළේය.
කෙසේවෙතත් එළඹෙන සදුදා උදෑසන 04.00 සිට මැනිං වෙළඳපොල ව්‍යාපාරික කටයුතු සඳහා ආරම්භ කෙරේ.



