සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළට

Share

අද(08) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(07) දිනයේ රෝගීන් 27 දෙනෙකු හඳුනා ගත් අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 824 ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට ලංකාවේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 575 ක් වෙයි.

කොරෝනා ආසාදනය හේතුවෙන් ලංකාවේ මේ වන විට මරණ 9 ක් සිදුව ඇත.

Read more

Local News