අද(08) සවස 6.30 වන විට කිසිදු නව රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අද දිනයේ දී කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් රෝගීන් 8 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ආසාදිතයින්ගේ ගණන 240 දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 575 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.



