අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කළ නම් ලැයිස්තුවේ ජනපති ගෝඨාභයගේ නමත්

Share

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එරට රජය විසින් ඇතුළත් කර තිබේ.

 

එරට බදු ගෙවීමේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය මෙලෙස අමෙරිකානු එක්සත් ජනපදය විසින් අද(08) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ මෙරට දැඩි කතාබහක් ඇතිවූයේ රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

Read more

Local News