සන්ධාන ගතව ඉදිරිපත් වන දේශපාලන පක්ෂවල සුළු පක්ෂ නියෝජිතයින් විශේෂ සාකච්ඡාවකට කැඳවයි

Share

මෙවර මහ මැතිවරණය සඳහා සන්ධාන ගතව ඉදිරිපත් වන දේශපාලන පක්ෂවල සුළු පක්ෂ නියෝජිතයින් සදහා විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

 

එළඹෙන 12 වන අගහරුවාදා පස්වරු 2.30ට අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සදහන් කළේ.

දැනට රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය සහ එළඹෙන මහ මැතිවරණයේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණි.

කෙසේවෙතත් ප්‍රධාන පක්ෂ සඳහා සහයෝගය ලබාදෙන සුළු පක්ෂ දැනුවත් කිරීමක් එහිදී සිදුනොවුණු අතර මෙවර එම සුළු පක්ෂ දැනුවත් කිරීමට පියවර ගනු ඇති අතර එහිදී ද කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය සහ මැතිවරණය සිදුකරන ආකාරය පිළිබඳ දැනුවත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයෙකු සදහන් කළේ.

Read more

Local News