බෝනික්කෙකු තුළ සඟවා මත්කුඩු අලෙවිකළ අඹුසැමි යුවලක් අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂයකට වඩා අධික වටිනාකමකින් යුත් මත්කුඩු දරුවකුගේ සෙල්ලම් බෝනික්කෙකු තුළ සඟවා නිවසේ තබා ගනිමින් අලෙවි කිරීමේ චෝදනාවට අඹුසැමි යුවලක් සැකපිට දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම නිවසේ මත්කුඩු අලෙවිකරන බවට ලද තොරතුරක් මත වෙස් වලාගෙන ගොස් රැඳී සිටි දඹුල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මත්කුඩු මිලදී ගැනීමට පැමිණි තරුණයන් හතර දෙනෙකුද මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල රත්මල්ගහ ඇළ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බව පොලීසිය සඳහන් කරයි.

දියණියගේ කුඩා බෝනික්කා පලා එහි මත්කුඩු ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම් 400 කට පමණ ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසයි.

මත් කුඩු මිලදී ගැනීම සඳහා පැමිණි තරුණයන් සිව් දෙනා සහ මෙම අත්අඩංගුවට පත් අඹුසැමි යුවල අද(09) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News