ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ලාංකිකයින් පිරිසක් රැගෙන එන්න විශේෂ ගුවන් යානයක් පිටත්ව යයි

Share

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් මෙල්බර්න් බලා පිටත්ව ගොස් තිබේ.

 

අද(09) උදෑසන 7.30ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.604 දරන ගුවන් යානය මෙලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව ගිය බව අප වාර්තාකරු පැවසිය.

කෙසේවෙතත් මෙම ගුවන් යානය හෙට (10) අලුයම 5.20ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වීමට නියමිත අතර, ඕස්ට්‍රේලියාවේ සිට කොපමණ පිරිසක් යළි මෙරටට පැමිණෙන්නේ ද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැත.

Read more

Local News