දිනකට සිදු කරන වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේ දී

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දෛනිකව සිදුකරන වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේ සිදුකෙරුණු අතර එම සංඛ්‍යාව 1,821ක්.

 

නිරෝධායන මධ්‍යස්ථානවල ද ඊයේ දිනය තුළ 247ක් හා බණ්ඩාරනායකපුර, දාබරේ මාවත යන ප්‍රදේශවලින් රෝගීන් වාර්තා නොවන බැවින් දින කීපයක් ඇතුළත මෙම ප්‍රදේශ නැවත විවෘත කළ හැකි වෙනු ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

මේ අතර කොළඹ ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශවල PCR පරීක්ෂණ දිගටම සිදුකෙරෙන අතර ඒ අනුව කොළඔ 13 ජින්තුපිටිය ප්‍රදේශවලින් අහඹු නියදියක් ලෙස තෝරාගත් පුද්ගලයින් අද PCR පරීක්ෂණයන්ට භාජනය කරනු ලැබීය.

Read more

Local News