ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව 2020 මැයි මස 12 වන දින සිට 2020 ජූනි මස 11 වන තෙක් දින 30 කින් වීසාවන්හි වලංගු කාලය දීර්ඝ වනු ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා මේ බව සඳහන් කරයි.
ඒ අනුව උපදෙස් කිපියක් අනුව ක්‍රියා කරන ලෙස ද දැනුම් දෙනු ඇත.
01. සියලූම අයඳුම්කරුවන් විසින් 2020 ජූනි මස 11 දිනට හෝ ඊට පෙර පහත වෙබ් දිගුව හරහා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමෙන් අදාළ වීසා ගාස්තුව ගෙවා වීසාව විදේශ ගමන් බලපත්‍රයේ පිටසන් කරගන්නා ලෙස දැනුම් දෙයි.
2020 මාර්තු මස 7 වන දින සිට 2020 ජුනි මස 11 වන දින අතර කාලයේ දී කල් ඉකුත් වන සියලුම වීසාවන් දඩ මුදල් අය කිරීමෙන් නිදහස් වෙයි.
https://eservices.immigration.gov.lk/vs
02. නියමිත පරිදි දිනයක් හා වේලාවක් වෙන් කර ගෙන පැමිණෙන අයවලුන්ට පමණක් දෙපාර්තමේන්තුවට ඇතුළු වීමට අවසර ඇත.
දිනකට සීමිත අවස්ථා සංඛ්‍යාවක් ලබා දෙන බැවින්, වෙන් කර ගන්නා ලද වේලාවට මිනිත්තු 15 කට පෙර අයඳුම්කරුවන් දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුයි.
අයඳුම්කරුවෙකුට ලබා දෙන වේලාව ඉදිරියට මිනිත්තු 10 ක් සඳහා පමණක් වලංගු වෙයි.
එම කාලයෙන් පසු අයඳුම්කරුවන්ට දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතුළු වීමට අවසර නොමැති අතර, නව දිනයක් නැවත ලබා ගත යුතුය.
03. වැඩි විස්තර ලබා ගැනීමට සඳහා
කෙටි කාලීන වීසා – (Visit Visa)
acvisa@immigration.gov.lk
acvisa1@immigration.gov.lk
acvisa2@immigration.gov.lk
වාස වීසා(Residence Visa)
dcvisa@@immigration.gov.lk
දුරකථන අංක – 070 710 10 50 (උදේ 9-සවස 4 ත් අතර)
04. නොවැලැක්විය හැකි තත්ත්වයන් හේතුවෙන් වෙන් කර ගත් දිනයට රජය ඇඳිරි නීතිය පනවනු ලැබුවේ නම් දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණිමෙන් වළකින මෙන්ද දැනුම් දෙයි.
ඒ වෙනුවෙන් දිනය හා වේලාව සහිත දැන්වීම ඉහත විද්‍යුත් තැපැල් ලිපිනයන්ට යොමු කළ යුතුයි.
05. මෙම කාලයේ දී දිවයිනේ බැහැර විමට අදහස් කරන්නේ නම්, ඉහත වීසා දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු ගුවන් තොටුපල වෙත ගෙවා දිවයිනෙන් බැහැර වීමට හැකියි.



