අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීම පිළිබඳව ලබන සතියේ දී තීරණයක් ගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මාතර දී මාධ්‍ය වෙත් අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, පාසල් විවෘත කරන දිනය ලබන සතියේ තීන්දු කළ හැකි වනු ඇති බවයි.
පුංචි දරුවන් පාසල් ගෙන ඒමට තිරණයක් නොමැති බවත්, පළාත් පාලන ආයතනවල සහයෝගය ලබා ගනිමින් සියලු පාසල් විෂවීජහරණය කිරීමටද කටයුතු සුදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.
පසුව දින 4ක් පමණ පාසල් වසා තැබිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණය කළ බවද, කාලසටන් වෙනස් කිරීමට සිදුවෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
දෙවන අදියර ලෙස සාමාන්‍ය පෙළ දරුවන් පාසල් වෙත කැඳවීමට බලාපොරොත්තු වන බවත් පැවසු ඒ අමාත්‍යවරයා, ඉන් අනතුරුව ප්‍රාථමික අංශ කෙරෙහි අවධානය යොමු කරන බවත් කියා සිටියේය.



