ශ්‍රි ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන අටක සාර්ථකව නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 533 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.
පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 75 දෙනෙකු, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 62 දෙනෙකු, විඩත්තපලෙයි මධ්‍යස්ථානයේ නිරෝධායනය වු පුද්ගලයින් 298 දෙනෙකු සහ අයියකච්චි, දියතලාව, බූස්ස, හොටෙල් ඩොල්ෆින් යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 98 දෙනෙකු සාර්ථකව නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත් කළ බව යුධ හමුදාව සඳහන් කළේය.
ඔවුන් සියලු දෙනා පිටත් කර හැරිමට පෙර පි.සි.ආර් පරික්ෂණ සදහා යොමුකර තිබේ.



