මහමැතිවරණය පැවැත්වීමට අදාළ පෙත්සම හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවයි

Share

මහමැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම හෙට(11) ‍දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

 

ඒ අනුව අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබෙන බව පෙත්සම ඉදිරිපත් කළ නීතිඥ චරිත ගුණරත්න මහතා සඳහන් කරයි.

මේ අතර ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන සෙසු පෙත්සම් ද මෙම විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජුනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීමේ තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමඟි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පාර්ශව කිහිපයක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම් බලා වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සාමාජිකයන් වන නලින් අබේසේකර සහ රත්නජීවන් හූල් හා නීතිපතිවරයා නම් කර තිබේ.

Read more

Local News