නිරෝධායනය අවසන් කිරීමෙන් පසු පී.සී.ආර් පරීක්ෂණය සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
හුදෙක් පී.සී.ආර් පරීක්ෂණ පමණක් සිදු කිරීම ප්‍රමාණවත් නොවන බව ඒ මහතා සඳහන් කරයි .
එසේම කොරෝනා වෛරසය ව්‍යාප්තිය බින්දුව මට්ටමක පත් කිරීම සිදු කළ නොහැකි දෙයක් බවත්, තවමත් ඖෂධයක් හෝ එන්නතක් සොයා ගෙන නොමැති බැවින් එය සම්පූර්ණයෙන් තුරන් කිරීමට තවමත් හැකියාවක් නැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.



