වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජිවිතක්ෂයට

Share

සාම්පූර් පොලිස් වසමේ තංගපුරම් ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහරදීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ.

 

ඊයේ(11) සවස 3.30ට පමණ මේ පිළිබඳ සාම්පූර් පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශන ආරම්භකර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ තංගපුරම්, ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

මෙම කාන්තාව කුලියට හරකුන් හා එළුවන් බලාගනිමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙන බව පොලිසිය පවසයි.

මෘත ශරීරය මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු ඥතීන් වෙත භාරදී තිබේ.

Read more

Local News