වව්නියාව, පම්පමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 32 දෙනෙකු අද(12) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.
මෙලෙස නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගොස් ඇත්තේ වව්නියාව හා හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 32 දෙනෙකු බව වාර්තා වේ.



