කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් හත්දෙනෙකු, කාත්තන්කුඩිය මුලික රෝහලේ සිටි හයදෙනෙකු, මුල්ලේරියාව මුලික රෝහලේ සිටි රෝගීන් දෙදෙනෙකු සහ අයි.ඩි.එච්.රෝහලේ සිටි එක් රෝගියෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගෙන් 382 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 498ක් බවයි වාර්තා වන්නේ.



