ඊයේ හමුවු ආසාදිතයින් 26 දෙනාම නාවික හමුදා සාමාජිකයින්

Share

ඊයේ දිනය තුළ හදුණා ගැනුණු ආසාදිතයින් සංඛ්‍යාව 26ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 

ඊයේ(13) දිනයේ දී හමුවු කොරෝනා ආසාදිතයින් 26 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු රොගීන්ගෙන් 382ක් මේ වන ව්ට සුවය ලබා ඇත.

තවත් 524ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්යාන අංශය සඳහන් කළේය.

Read more

Local News