අරලගංවිල පොලිස් වසමේ මෙත්මහින්දාගම, යාය 7 යන ප්රදේශයේ දී පුද්ගලයෙකු කැපුම් තුවාල සහිතව මියගොස් ඇති බවට පොලීසියට තොරතුරක් ලැබී ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37 ක් වු අයෙක් බව පොලිසිය පවසයි.
මරණකරුගේ බිරිඳ විසින් පිහියකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ.
පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



