අද (14) පස්වරු 04.45 වන විට තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 916 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 462 ක් වේ.
වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ මේ වන විට 445 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.



