මංගල සමරවීර පැය 5කට පසු CIDයෙන් පිටව යයි

Share

පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසුව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගිය බව වාර්තා වේ.

 

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී එවක අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් මහතා පුත්තලම ප්‍රදේශයේ ලියාපදිංචි ඡන්ද දායකයන් පිරිසක් සිලාවතුර ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංගම බස්රථ මගින් රැගෙන යාම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ වලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද(14) පස්වරු 2.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.‍

ඒ අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසකළ දැනුම්දීමකට අනුවයි.

Read more

Local News