කිරිඳිවැල පොලිස් වසමේ පල්ලේගම හංදිය අසල දී ඊයේ (14) සවස පිහි ඇණුමකින් පුද්ගලයෙකු ඝාතනය වී තිබේ.
තුවාල ලැබු පුද්ගලයා රදාවාන රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 32 ක් වු, පල්ලෙගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පුද්ගලික ආරවුලක් මත ඝාතනය සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.
වයස අවුරුදු 52 ක් වන සැකකරුවෙක් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



