ජපානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 235ක් දිවයිනට

Share

ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු අද(16) අලුයම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මඟින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

 

ජපානයේ නරීටා ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 455 දරන එම ගුවන් යානය අද දින අලුයම 3.38ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙහි සිටි මගීන් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් ඔවුන් සහ ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු ද විෂබීජහරණය ලක් කර තිබේ.

පසුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ මඟින් මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.

Read more

Local News