ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් ඇති බව පොලිසිය පවසයි.
ඊයේ(15) උදෑසන 06.00 සිට අද(16) උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය මාර්තු මස 20 වනදා පස්වරු 06.00 සිට අද පෙරවරු 06.00 දක්වා කාලසීමාව තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 55,706 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර ඇදිරි නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාලව පුද්ගලයින් 12,482 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර පුද්ගලයින් 4808 දෙනෙකුට දඩුවම් පැනවූ බව පොලිසිය සදහන් කළේය.



