පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට පත්ව ඇත.
කෑගල්ල, වට්ටාරම ඇල පාරේදී පුද්ගලයෙකු දියේ ගසාගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් ඔහු මුදාගෙන රෝහල්ගත කළද පසුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ඉඹුල්ගස්දෙණිය, ෆෙයර්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි අයෙක්.



