හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

දෙහිවල ඕබන් ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 50ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

බස්නාහිර පළාත් දකුණ අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News