කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ(18) දින හඳුනා ගෙන තිබේ.
ඉන් දස දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට පැමිණ මේ වන විට නිරෝධායනයට යොමු කළ අයෙක් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 992 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට ආසාදිතයින් 559 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මෙරටින් හඳුන ගෙන ඇති සමස්ත ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 540 දෙනෙකු වන බව වංසගත රෝග විද්‍යා අංශය පවසයි.



