කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු තවදුරටත් ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.
මේ අතර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අතිප්‍රචණ්ඩ සුළි කුණාටුව (“අම්ෆන්”) ඊයේ(18) දින ප.ව. 11.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 900 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 14.9 ත් නැගෙනහිර දේශාංශ 86.5 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවවයි.
මෙම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරන අතර මැයි 20 වන දින අපරභාගය වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන්නන් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



