කළු ගඟේ ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, කිරිඇල්ල සහ ඇළපාත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවලට මෙම අවදානම පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් මහ ගංවතුර තත්ත්වයක් ඇති විමේ අවදානමක් ද පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.



