‍මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1027ක් දක්වා ඉහළට

Share

ඊයේ(19) රාත්‍රී 11.55 වන විට තවත් ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1027ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේදී පමණක් වෛරස් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදය වීම හේතුවෙන් පුද්ගලයින් 445 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 569 දෙනෙකු මේ වනවිට සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News