දිස්ත්‍රික්ක කිහිපයකට අද තද වැසි

Share

නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට අද(20) දිනයේ මිලි මීටර 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

අම්ෆන් සුළි කුණාටුව අද දිනයේ තවදුරටත් උතුරට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරන අතර සවස් කාලයේ දී බටහිර බෙංගාල වෙරළ හරහා ගමනු කරනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 වැඩි විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News