පසුගිය මාර්තු 20 වන දින සවස 6.00 සිට අද(20) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් සංඛ්‍යාව 60,425 දක්වා ඉහළ ගොස් තිබේ.
එම කාලයේ දී වාහන 16,924 ක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මේ අතර ඊයේ(19) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 660ක් හා වාහන 256ක් අත්අඩංගුවට ගෙන තිබේ.



