ඊයේ(19) දිනයට පමණක් මෙරටින් කොරෝනා ආසාදිතයින් 35 දෙනෙක් වාර්තා විය.
එම පුද්ගලයින් සියලු දෙනා නාවික සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින නාවික හමුදා සාමාජිකයින් 28 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදය වීම හේතුවෙන් පුද්ගලයින් 445 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 569 දෙනෙකු මේ වනවිට සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
එම සුවය ලැබූ පුද්ගලයින් අතර නාවික හමුදා සාමාජිකයින් 209 දෙනෙකු ද සිටියි.



