මහ මැතිවරණයට එරෙහි පෙත්සම් තුන්වන දිනටත් සලකා බැලීම අද

Share

ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(20) පෙරවරුවේ තුන් වන දිනයේත් ආරම්භ වුණි.

 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවනු ලැබුවේය.

එහිදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතා ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් ඔහුගේ නීතිඥ මුදිත ඒකනායක මහතා කරුණු ඉදිරිපත් කිරීම සිදු කරයි.

Read more

Local News