වසා දැමුණු හෝටල් සහ ආපන ශාලා විවෘත කිරීමට අවධානය

Share

කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.

 

රට තුල සාමාන්‍ය ජන ජීවිතය යථාතත්වයට පත් කීරීමේ රජයේ වැඩපිලිවෙලට සමගාමීව මෙම ආපනශාලා කඩිනමින් විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නේය.

සංචාරක හෝටල් හිමියන් ආපනශාලා හිමියන් හා සංචාරක ක්ශේත්‍රයේ සේවා සපයන විවිධ වෘත්තිකයන් සහ ඇමතිවරයා අතර ඊයේ(19) පැවති සාකච්ඡාවකදි හෝටල් සහ ආපනශාලා හිමියන් ඉල්ලා සිටියේ කඩිනමින් සිය ආයතන විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලෙසයි.

සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන මාර්ගෝපදේශ වලට අනුව සිය ආපන ශාලා විවෘත කර පවත්වාගෙන යාමට සංචාරක හෝටල් හිමියන් හා මෙහිදි එකගත්වය පල කලහ.

Read more

Local News