ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට දැඩිව නීතිය

Share

චේතනාන්විතව ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් හය දහසකට පමණ මේ වනවිටත් දඬුවම් නියම කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු මස 20 වැනිදා සිට අද(20) උදෑසන 06.00 දක්වා කාලය තුළ නීති කඩකළ පුද්ගලයින් හැටදහස් හාරසිය විසි පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඇඳිරි නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් දාහත් දහස් එකසිය අනූ තුන් දෙනෙකුට නඩු පවරා ඇත.

ඉන් හයදහස් හාරසිය අසූ දෙනෙකුට දඬුවම් නියම කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Read more

Local News