කොවිඩ් නයින්ටින් වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක් පවතින බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.
වසංගත තත්ත්වය හේතුවෙන් මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 5 ක පමණ අගයකින් පහල යනු ඇති බවට අපේක්ෂා කරන බවයි ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් සදහන් කර ඇත්තේ.
කොවිඩ් වසංගත තත්ත්වය මේ වන විටත් ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකගේ රැකියා සහ ව්‍යාපාර කටයුතු අඩාල කිරීමට හේතු වී ඇති අතර දිළිඳු රටවලට මෙම තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ල වී තිබේ.



