ඊයේ(20) රාත්‍රී 10.15 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1028ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
මේ අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 435 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.



