මාර්තු මස 20 වන දින සිට අද(22) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පිරිස 61,621 ක් බව පොලීසිය පවසයි.
එලෙස අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 17 322කි.
මේ අතර ඊයේ(21) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා වු කාලය තුළ පමණක් පුද්ගලයින් 528 ක් හා වාහන 150ක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



