ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
ලබන 26 වනදා පෙරවරු 10.00 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතා විසින් සිදුකළ පැමිණිල්ලට අදාලව ප්‍රකාශ ලබා ගැනීම සදහා මෙම කැදවීම සිදුකර තිබේ.